ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුනා .
ඒ සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායමට හැකි වීම විශේශත්වයක් .

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කෙරුනා .
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි.
පැතුම් නිස්සංක ලකුණු 32 ක් රැස් කළ අතර, කුසල් පෙරේරා පන්දු 34 කින් ලකුණු 53 ක් ලබා ගත්තා.
යළි අසාර්ථක වූ දසුන් ශානක හා වනිදු හසරංග දැවී ගියේ ලකූනු ලබා ගැනීමට පෙරයි .

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං, අක්සාර් පටෙල් හා හර්ඩික් පාන්ඩ්යා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ඉනිමේ තෙවැනි පන්දුවෙන් පසුව තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව ජයග්‍රහනය සදහා ඉන්දියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 8කදී හිමි වූ ඉලක්කය ලකුණු 78 ක්.

එය පන්දුවාර 6 යි පන්දු 3 ක් අවසානයේ දී කඩුලු 3 ක් පමනක් දැවී සිටියදී පහසුවෙන් පසු කර යාමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.
යශස්වි ජයිස්වාල් පන්දු 15 කින් ලකුණු 30 ක් , සූර්යකුමාර් යාදව් පන්දු 12 කින් ලකුණු 26 ක් රැස් කලා .

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

WhatsApp Group

Skip to content