මධ්‍යම කෙන්යාවේ පාසලක ඊයේ (05) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නේවාසික සිසුන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී බරපතළ තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර තිබෙන බවත් සඳහන්.

Nyeri ප්‍රාන්තයේ Hillside Endarasha නම් පාසලේ මෙම ගින්න ඇතිවී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම, කෙන්යාවේ රතු කුරුස සංවිධානය සඳහන් කර ඇත්තේ සිසුන්ට, ගුරුවරුන්ට සහ පීඩාවට පත් පවුල්වලට මනෝ සමාජීය ආධාර සේවා සපයන බවයි.

WhatsApp Group

Skip to content