බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

මෙම එක්දින තරග තුනම පැවැත්වෙන්නේ මහනුවර පැල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීයි.

WhatsApp Group

Skip to content