කෘෂි කාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී අදාළ රාජ්‍ය ආයතන තුළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙහි අරමුණ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ජනාධිපති කාර්යාලයේ පැවති කෘෂිකාර්මික නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යංශ , ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධික්ෂණය සදහා ජනාධිපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කවුන්සිලය පිහිටුවීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content