කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ උතුරු පළාත් නිලධාරින් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගිය දිනක යාපනයේ දී පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුළ වගා කරන ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක මුදලක් උපයා ගැනීමට යාපනයේ ගොවීන්ට හැකියාව ලැබී ඇති බවයි.

ඉදිරි වසර තුන තුළ එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්ක කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා සඳහන් කළා.

එමෙන්ම ඔහු පැවසුවේ උතුරු පළාතේ ඉඩම් අක්කර 8000 ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාරතුමියගේ ද උපදෙස් ලැබී ඇති බවයි.

අඹ, පැපොල් හා පැෂන් ෆෘට් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් අක්කර 1000ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන බවටත් මෙහිදී අදහස් පළ කෙරුණා.

WhatsApp Group

Skip to content