කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000 ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා.

එය විවෘත කරනු ලැබුවේ පසුගිය 15 වන දා දිනයේදියි.

කිසිදු ගාස්තුවක් අයකිරීමකින් තොරව මෙම කෘත්‍රිම වෙරළ තිරය නැරඹීම සදහා ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා වෙරළ ක්‍රීඩා, ජල ක්‍රීඩා, අවන්හල් මෙන්ම සාප්පු සංකීර්ණ අත්දැකීම් ලබා ගත හැකි වන පරිදි සේවා ජාලයක් ක්‍රියාත්මක බවයි කොළඹ වරාය නගර පාලනාධිකාරිය සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content