මෙරට පාසල් නිල ඇඳුම් අවශ්යතාව සපුරා ගැනීම වෙනුවෙන් 70%ක නිල ඇඳුම් රෙදි ප්රදානයක් 2023 වර්ෂයේ දී ලබා දුන් චීන රජය පසුගිය 2024 වර්ෂය සඳහා ද එම ප්රදානය 80% දක්වා වැඩි කර ලබා දීම වෙනුවෙන් චීන රජයට කෘතවේදීත්වය පළ කිරීම උදෙසා චීන තානාපති කී ෂෙන්හොං මහතා සහ අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා අතර හමුවක් පසුගියදා (07) අධ්යාපන අමාත්යාංශයේ දී පැවැත්විණ.
සුසිල් ප්රේමජයන්ත මහතාගේ පෞද්ගලික මැදිහත් වීම මත 2024 වර්ෂය සඳහා මෙම ප්රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වී තිබෙන අතර මෙවර විශේෂත්වයක් වූයේ සෑම දරුවකුට ම එක සමාන ගුණාත්මකභාවයකින් යුත් නිල ඇඳුම් ලබා දීමේ අරමුණෙන් ඉතිරි 20%ක පාසල් නිල ඇඳුම් රෙදි ප්රමාණය ද අමාත්ය මණ්ඩල අනුමැතිය සහිත ව 80%ක නිල ඇඳුම් රෙදි සැපයූ චීන නිෂ්පාදකයා වෙතින් ම මිල දී ගැනීම ය.
ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබන පාසල් 10,126ක සිසු දරු දැරියන්ට හා අනුමත පිරිවෙන් 822ක ශිෂ්ය භික්ෂූන්වහන්සේලාට මෙන් ම සීලමාතාවන්ටත් ගිහි සිසුන්ටත් වශයෙන් 2024 වර්ෂයේ හතලිස් පන් ලක්ෂ පනස් නමදහස් හාරසිය විස්සක සිසුන් සංඛ්යාවකට නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ප්රදානය කර ඇත.

WhatsApp Group

Skip to content