නාරාහේන්පිට, ඇල්විටිගල ප්‍රදේශයේදී කූඨ ලේකන සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 02ක්, විවිධ කාඩ්පත් 11ක්, විවිධ පුද්ගලයන්ගෙන් සොරකම් කළ බවට සැක කරන රියදුරු බලපත්‍ර 18ක් සහ හැඳුනුම්පත් 4ක් මෙන්ම පරිගණකයක් වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු 37 හැවිරිදි නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content