කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථානවලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිට වී යාම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පොදු සමා කාළය මාර්තු 17 වනදා සිට ජූනි 17 දක්වා ක්‍රියාත්මක බවයි කුවේට් ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ වනවිට කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620ක්.

මේ අනුව ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ද එරට ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content