කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා.

අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කළ සිද්ධියකට සම්බන්ධව බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදාළ සිදුවීමට සම්බන්ධ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ වරෙන්තු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ පිළිබදව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content