කුරුණෑගල පන්සියගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ පැදිකරුට, යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි.

අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 19 හැවිරිදි වඩුගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content