මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරැවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ මින් පෙර අවස්ථාවකදීත් මෙවැනිම සිදුවීමක් වීම බවයි ප්‍රභූ ආරක්ෂක අංශයේ උෂස් නිලධාරියෙක් සඳහන් කළේ.

එම අවස්ථා දෙකේදීම එහ මුදල් ගෙවීමේ කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද? නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බලන බව ප්‍රභූ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පවසනවා.

කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ(04) පෙරවරුවේදියි.

WhatsApp Group

Skip to content