කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව ජයවර්ධනපුර කොට්ටේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක එම සමුළුව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මුලිකත්වයෙන් කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ දී නිදහස් පක්ෂ සංවත්සරය පැවැත්වීමට කටයුතු සුදානම් කරනු ලැබුවා .

කෙසේවෙතත් මේ වන විට සංවත්සරය කොළඹ දී පැවැත්වීමට තීරණය වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර වැනි අමාත්‍යවරුන් ඊට පුර්ණ සහයෝගය ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා .

එමෙන්ම මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ දී මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද සඳහන් .

 

WhatsApp Group

Skip to content