කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක්  වාර්තාවී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පී.සී.ආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බවයි  අනාවරණය වී ඇත්තේ.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම කල යුතු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

WhatsApp Group

Skip to content