කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

පුරන් වූ කුඹුරු වැඩිවශයෙන් බස්නාහිර පළාත තුළ ස්ථාපිත බවත් බොහෝ දෙනෙකු එම කුඹුරු, ඉඩම් ගොඩකිරීම සදහා අවසර ඉල්ලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉඩම් ගොඩකිරීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය හමුවේ මින් ඉදිරියට ඉඩම් ගොඩකිරීම සදහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

WhatsApp Group

Skip to content