කුමන ජාතික වනෝද්‍යානය වසර 4කට පසුව ඉහළ ආදායමක් උපයාගෙන තිබෙනවා.

උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක මහතා කියා සිටියේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 4 ක පමණ ආදායමක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයන් 11,999 දෙනෙක් පැමිණ තිබෙනවා.

කුමන ජාතික වනෝද්‍යානයේ කොටි ගහණය 63 ක් වන අතර, එම සතුන් දැකබලාගැනීම සඳහා සංචාරකයින් වැඩි උනන්දුවක් දක්වන බවයි උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content