විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධනුෂිකා හෙවත් කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී අවුරුදු 30 ක් වයසැති මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

සැකකාරිය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 50 ක්, විද්්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් ද සොයාගෙන ඇති බවයි එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content