උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරනවා.

නමුත් වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනස් විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම සභාපතිවරයා සඳහන් කළේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළ වෙත ලබා දීම හරහා මේවන විට බිත්තරයක් රුපියල් 35.00 – 40.00 අතර මිලකට අලෙවි කිරීමේ හැකියාවක් ද පවතින බවයි.

WhatsApp Group

Skip to content