කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ කුකුළු නිෂ්පාදකයින් අතර පැවැත්වීමට නියමිතයි.

වෙළඳපලෙහි මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,250 ක මිලකට අලෙවි වන අතර එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේ .

අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇති බව තමන් විශ්වාස කරන අතර නිෂ්පාදකයින් ඒ සඳහා එකඟත්වය පළ නොකළහොත් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ .

WhatsApp Group

Skip to content