කුකුළු මස් කිලෝග්රමයක් ඉදිරියේදී රුපියල් 1100ක් වැනි මුදලකට අලෙවි කල හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ.
ඒ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා සඳහන් කලේ.