කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම්.කේ චමින්ද නොහොත් කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී රැදවියන් පිරිසක් පහර දී තිබෙනවා.

බරපතල ලෙස තුවාල ලැබු සැකකරු අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ආහාර ගනිමින් සිටි තම දියණියට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහුව පදවිය සංචාරක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

WhatsApp Group

Skip to content