කුකුඵ මස් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ නැංවීමට වෙළදුන් පියවර ගෙන තිබෙනවා.

මේ අනුව කුකුඵ මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1450 ත් 1500 ත් අතර මිලකට අලෙවි කරන බවටයි වාර්තා වන්නේ.

මේ අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කුකුඵ මස් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතත වී ඇති බවයි.

පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වමින් මේ සදහා කඩිනමින් පිළිතුරක් ලබා දීමට සූදානම් බවටයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/NALIN-FRANANDO-EDIT-01.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ නියමු ව්‍යාපෘතියක් යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුකුඵ ගොවීන් වෙත කුකුඵ පැටවුන් බෙදා දීමට කටයුතු කරන බවද වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/NALIN-FRANANDO-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content