මෙවර මහ කන්නයේ දී කීරි සම්බා වගා කිරීම සඳහා වැඩි වශයෙන් ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මේ දිනවල වෙළෙඳ පොල තුල කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුනත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇති බව සඳහන්.

කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක වෙළඳපොල තුල අලවි වන්නේ රුපියල් 305-310 අතර මිලකටයි.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

මේ අතර අපනයනය කිරීම සදහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවිජනපදවල පළතුරු වගාව ප්‍රචිලිත කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම තොරෝගත් පවුල් 55ක් වාණිජ අඹ වගාවට යොමු කිරීමට සැලසුම්කර ඇති අතර ඔවුන්ට අඹ පැල 5 440ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content