සිමා සහිත Ceylon boot form පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 1000 ක පමණ ආයෝජනයක්යෙදා කිලිනොච්චි දිස්ත්රිකයේ කවුදානමුනේයි ප්රදේශයේ ඉදිකරන ලද අක්කර 25 වපසරයකින් යුත් ඉස්සන් ගොවිපලක් පසුගියදා (14) ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළේය.
මෙම ඉස්සන් ගොවිපල කවුදාරිමුනේයි kn/68 දරණ ග්රාම නිලධාරි කොට්ටාසය වන මිනාරිඔඩේයි ගම්මානයේ ආරම්භ කර ඇති අතර මෙහි විශාල පිරිසක් රැකියාවල යෙදී සිටියි.
මෙම ව්යපෘතිය ආරම්භ කරමින් ඩග්ලස් දේවානන්දා මහතා ප්රකාශ කර සිටියේ ඉස්සන් වගාව සහ මිරිදිය මත්ස්ය වගාව මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්රධාන මාර්ගයක් බවට පත් වි ඇති බවයි. මෙවැනි වගාවන් සදහා ධීවර අමාත්යංශය වශයෙන් විශාල ලෙස ආධාර උපකාර කරන බවද එම ආධාර උපකාර රැගෙන මෙවැනි ගොවිපළවල් බිහි කිරිම මෙරට අයෝජකයින්ගේ යුතුකමක් බවද ප්රකාශ කළේය.
මේ තුළින් රටට පැමිණෙන විදේශ විනිමය හා අපේ රටේ ජනතාවගේ ප්රෝටීන් අවශ්යතාවය ඉටුකර ගැනිමට හැකිවන බව පෙන්වා දුන් අමාත්යවරයා විශේෂයෙන් සංචාරක ව්යපාරය දියුණුවන මෙවැනි අවස්ථාවක සංචාරකයන්ගේ ප්රධානතම ආහාරයක් වන ඉස්සන් නිෂ්පාදනය කිරිම ශ්රි ලංකාවේ ආයෝජකයන්ගේ අදායම වර්ධනය කර ගැනිමට ද ඉවහල් වන බව ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට උතුරු පළාතේ නැක්ඩා ආයතනයේ ප්රධාන නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

WhatsApp Group

Skip to content