කිලිනොච්චිය දිස්ත්‍රික්ක‌යෙන් වාර්තා වන බිළිදු මරණ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ටී සත්‍යමුර්ති මහතා පැවසුවේ ඒ සදහා වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලෙන් අලුත උපන් බිළිදුන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වී තිබුණා.

එමෙන්ම මළ දරු උපත් දෙකක් ද එම රෝහලෙන් පසුගිය සතිය තුළ වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ මරණවලට හේතු වු කරුණු නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content