අප්‍රේල් මුල් සතියේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව කිරි තේ එකක මිල අඩු කරන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.
මේ වන විට කිරි තේ එකක මිල රුපියල් 100 ක් දැක්වෙනවා.

WhatsApp Group

Skip to content