ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නොමැති බව අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ.

භාණ්ඩාගාරයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ,මේ පිලිබඳ ප්‍රකාශ වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසුවේ මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.

WhatsApp Group

Skip to content