කිරිගව සොරකම්වලට අදාළ දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ගවයින් සොරකම් කිරීම මේ වන විට ඉහළ යමින් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සත්ව සුභසාධන පනත යටතේ කිරිගව සොරකම් සදහා උපරිම දඩය රුපියල් 50,000 ක් වනවා.

කෙසේ වෙතත් එම දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සදහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුභසාධන පනත සංශෝධනය කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content