කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18 සහ 20 හැවිරිදි වියේ පසුවූ තරුණයි දෙදෙනෙක්.
ඔවුන් මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කලේ.
කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් ජයවර්ධනපුර සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ පැදිකරුවන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

WhatsApp Group

Skip to content