පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බවත් පසුගියදා රැස් වූ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී හෙළි විය.

මේ අතර දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සමඟ ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදු වී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

එයට අමතරව සමස්ත වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

ඉහත කරුණු සාකච්ඡා වූයේ ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේ දීය.

WhatsApp Group

Skip to content