මෙම මාසයේ අවසන් දින 20 තුළ පමණක් කැළෑ ගිනි තැබීම් 57ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.

පෙබරවාරි මස ආරම්භයේ සිට දින 50ක් වැනි කෙටි කාලයක් තුළ අධික උෂ්ණත්වය නිසා මහා වැව් 80ක්, මධ්‍යම ප්‍රමාණයේ වැව් 700ක් සහ කුඩා වැව් 30,000ක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කලේ.

WhatsApp Group

Skip to content