කැළණි ගගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ තද වැසි පතිත වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඊයේ දිනයේදී යටියන්තොට, තණකොලවත්ත, කිතුල්ගල, ගිනිගත්හේන, කලුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට පැයක පමණ කාලයක් වර්ෂාව පතිත වී ඇති බවද වාර්තා වුණා.

මාස කිහිපයක් පුරා මෙම ප්‍රදේශවල පැවති වියළි කාලගුණය හේතුවෙන් පසුගිය දින කිහිපයේදීම කැළණි ගගේ ජලධාරිතාව සීග්‍රයෙන් පහළ බැස තිබුණා.

WhatsApp Group

Skip to content