කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අද අලුයම නේවාසිකාගාරයක් තුළදී සිසුවෙකු හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.

අදාළ සිසුවා රෝහල්ගත කිරීම සදහා අවශ්‍ය ගිලන්රථ පහසුකමක් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහුව රෝහල්ගත කිරීම ප්‍රමාද වූ බවයි විශ්වවිද්‍යලාය සිසුන් චෝදනා කරන්නේ.

මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විරෝධතාවයක එක්ව සිටින බව සදහන්.

WhatsApp Group

Skip to content