මෙරට වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවන් මිය යාමට හේතුව අනාවරණය වී තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුහුදේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම සතුන් මියගොස් ඇති බවයි.

අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මේ බව අනාවරණය වී තිබෙනවා.

තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සදහා පුපුරණ ද්‍රව්‍ය යොදාගැනීම හේතුවෙන් සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හට ගන්නට ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය 22 දා සිට මේ දක්වා මියගිය කැස්බෑවන් 25 දෙනෙකු පමණ බටහිර වෙරළ තීරයට ගොඩගසා තිබුණා.

WhatsApp Group

Skip to content