ශිෂ්‍ය මර්දනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අදාළ විරෝධතාවයට සරසවි සිසුන් විශාල පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය කිරිබත්ගොඩ දෙසට ගමන් ආරම්භ කිරීමට නුවර පාරට පිවිසීමේදී පොලිසිය මෙලෙස ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content