තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ් අනුව අද(11) දිනයේ සිට එම විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවේ.

විශ්වවිද්‍යාලයේ ආරක්ෂ අංශයේ සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ඉකුත් 04 වනදා වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලුම පීඨයන් වසා දැමිමට පාලනාධිකාරිය පියවර ගත්තා.

 

WhatsApp Group

Skip to content