දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දවසේදීත් එළව`ඵවල තොග මිල ඉතා ඉහළ අගයක පැවතුණා.

ඒ අනුව අද දිනයේදීත් කැරට් කිලෝග්‍රෑම් 1 ක මිල සටහන් වුණේ රුපියල් 1750 ත් 2000 ත් අතර මිලකටයි.

එමෙන්ම බීට්රූට් කිලෝග්‍රෑමයක මිලද රුපියල් 700 කට අලෙවි වූ අතර ගෝවා සහ බෝංචිවල මිල ද රුපියල් 700 ත් 900 ත් අතර මිලකට සටහන්ව තිබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මා`ඵ මිරිස් කිලෝවක මිල ද රුපියල් 1000 ඉක්මවා ඇති අතර වම්බටු කිලෝවක මිල ද රුපියල් 500 ක අගයක් ගෙන තිබුණා.

පවතින අධික එළව`ඵ මිල පිළිබදව මාධ්‍යවේදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගෙන් විමසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස එළව`ඵ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.

https://www.vnews.lk/storage/2024/01/SARATH-WEERASEKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content