කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව ද සදහන් .

එහිදී අමාත්‍ය මණ්ඩලයට නව මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද වාර්තා වනවා. මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමෙනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි .

එමෙන්ම විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා ජන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදා යි .

WhatsApp Group

Skip to content