ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව මෙහි දී නැවතත් තහවුරු වී තිබේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව සිදු කරන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථික ස්ථායීකරණය වැඩපිලිවෙළ හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබදව මෙහි දී සාකච්ඡා කර ඇත.

WhatsApp Group

Skip to content