ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් අද (13) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පවත්වා ඇත.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) මහතාද, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් කර ඇති අතර, ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගෙන ඇත.

WhatsApp Group

Skip to content