කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන ආ මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එම සිසුන් සවස් කාලයේ උපකාරක පන්ති අවසන් වීමෙන් පසුව මත්පැන් බෝතලය පානය කොට ඇති අතර ඉන් ස්වල්ප වේලාවකින් සිසුන් හතර දෙනාම අසාධ්‍ය වී මාර්ගය අසල සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායී පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content