කැනඩාව ඇතුළු විදෙස් රටවලට පුද්ගලයින් යවන බවට පවසා මුදල් ලබාගෙන මූල්‍ය වංචා කළ කිතුණු පූජකවරයෙකු 21 වනදා අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වවුනියාව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු කැනඩාව ඇතුළු විදේශ රටවලට පුද්ගලයින් යවන බවට පවසා පුද්ගලයින් රැසකගෙන් මුදල් ලබාගෙන අදාළ පුද්ගලයින් විදේශගත නොකොට මුදල් ගැරීමේ ජාවාරමක් සිදුකොට ඇති බවයි.

සැකකාර පූජකවරයා රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචා කොට ඇති බවට මුලිකව අනාවරණය වි ඇති බවද පොලිසිය පවසනවා.

සැකකරු මුලතිව් ප්‍රදේශයේ දේවස්ථානක පූජකවරයෙකු ලෙස කටයුතු කොට ඇති අතර, සැකකරු වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් රවටා මුල්‍ය වංචා සිදුකොට ඇති බවට පැමිණිළි පවතින බවද පොලිසිය සඳහන් කළා.

සැකකරු අද(22) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වවුනියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

WhatsApp Group

Skip to content