2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කැනඩා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106ක් රැස් කළා.
එහිදී ආරොන් ජොන්සන් පන්දු 44දී ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් සහ හරිස් රාවුෆ් කඩුලු 2ක බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 53ක් සහ නායක බාබර් අසාම් ලකුණු 33ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content