හොංකොං හි ලියාපදිංචිව පවත්වාගෙන යන ගුවන් සේවයක් වන කැතේ පැසිෆික් නම් සම්මානලාභී ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන වසරේ පෙබරවාරි මස 2 වන දා සිට මෙම ගුවන් ගමන් ඇරඹෙන බවයි වාර්තා වන්නේ.

කැතේ පැසිෆික් යනු ආසියාව, පැසිෆික් කලාපය, උතුරු අමෙරිකාව, යුරෝපය මෙන්ම මැදපෙරදිග හරහා අප්‍රිකාව පුරා පැතිරි යන ගුවන් ජාලයක් වනවා.

WhatsApp Group

Skip to content