මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ.

අදාළ කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

WhatsApp Group

Skip to content