ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම පියවර ගත්තේ.

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙනු ඇති.

තරගය ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර මෙරට වේලාවෙන් පස්වරු දෙකට තරගය ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම මින් පෙර තරගවලට ක්‍රීඩා කරන ලද කණ්ඩායම ම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබෙනවා.

එනම් ධනංජය ද සිල්වා වෙනුවට දුශාන් හේමන්ත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් මෙසේය.

SL XI: 1 Pathum Nissanka, 2 Dimuth Karunaratne, 3 Kusal Mendis (capt, wk), 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Angelo Mathews, 7 Dushan Hemantha, 8 Maheesh Theekshana, 9 Kasun Rajitha, 10 Dushmantha Chameera, 11 Dilshan Madushanka

India XI: 1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat Kohli, 4 Shreyas Iyer, 5 KL Rahul (wk), 6 Suryakumar Yadav, 7 Ravindra Jadeja, 8 Mohammed Shami, 9 Jasprit Bumrah, 10 Kuldeep Yadav, 11 Mohammed Siraj

WhatsApp Group

Skip to content