එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමිර් රාජ්‍ය සමත් වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
කාසියේ වාසිය තමා ලබාගත්තේ නම් පළමුවෙන් පන්දු යැවීමට තෝරා ගැනීමට අවස්ථාව තිබූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කියා සිටියේ.
එසේම දුෂ්මන්ත චමීර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන බවද දසුන් කියා සිටියා.
තරගය පස්වරු 12.30ට සිම්බාබ්බේ බුලවායෝහිදී ආරම්භ වනවා.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.
පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, මහීස් තික්ෂණ, කසුන් රජිත සහ ළහිරු කුමාර.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම
1 Muhammad Waseem (capt.), 2 Rohan Mustafa, 3 Vriitya Aravind (wk), 4 Basil Hameed, 5 Asif Khan, 6 Rameez Shahzad, 7 Ali Naseer, 8 Aayan Afzal Khan, 9 Karthik Meiyappan, 10 Zahoor Khan, 11 Muhammad Jawadullah.

WhatsApp Group

Skip to content