ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා සමත් වුනා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

තරගාවලියේ ”ඒ” කාණ්ඩයෙන් තරගවදින ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙය වන අතර පාකිස්තාන කණ්ඩායම සිය පළමු තරගයේදී නේපාල කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ට ජයක් හිමිකර ගත්තා.

2019 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය සහභාගී වන පළමු එක්දින තරගය මෙය වීම විශේෂත්වයකි.

අවසන් වරට පැවති තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා .

WhatsApp Group

Skip to content