කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.

අද උදැසන 6 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය මිට හේතු වී තිබෙනවා.

ජලාශයන් දෙකේම ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැස තිබුණද දෛනික ජල විදුලි උත්පාදනයට දැනට කිසිදු බාධාවක් එල්ල වි නොමැති බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කලා.

WhatsApp Group

Skip to content