අක්ෂි කාච වංචාව සම්බන්ධයෙන් අද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.

බාල ඖෂධ රටට ගෙන්වීම සම්බන්ධයෙන් අනාවරණය කිරීමෙන් පසුව එල්ල වු මරණීය තර්ජන පිළිබදව මන්ත්‍රිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.

 

https://www.vnews.lk/storage/2023/08/KAVINDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content